Saturday, April 18, 2026
Homeදේශීයශුද්ධ වූ කුරානයට ගිනිතැබීමේ සිද්ධියට ජිනීවා නිහඬවීම ශ්‍රී ලංකාව හෙළාදකී..

ශුද්ධ වූ කුරානයට ගිනිතැබීමේ සිද්ධියට ජිනීවා නිහඬවීම ශ්‍රී ලංකාව හෙළාදකී..

පසුගියදා ස්වීඩවයේදී කුරානයේ පිටපතකට ප්‍රසිද්ධියේ ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව ඇත.

පසුගිය මාසයේ අග භාගයේ ස්විඩනයේ තුර්කි තනාපති කාර්යාලය ඉදිරිපිට දී පුද්ගලයෙකු විසින් කුරානයේ පිටපතකට මෙලෙස ගිනි තබා තිබුණා.

එය ප්‍රකාශනයේ අයිතියක් බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගිනි තැබීම සඳහා අදාළ පුද්ගලයාට අවසර ලබා දී තිබීම ජාත්‍යන්තරයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කාරණයක් බවට පත්වුණා.

අමෙරිකාව ඇතුළු බටහිර රටවල් මෙම සිදුවීම ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ අවස්ථාවක් බව පවසන අතර තවත් බොහෝ රවල් එම සිදුවීම පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය දක්වන නිහඬ පිළිවෙත කැපී පෙනේ.

මේ අතර එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කර සිටිනවා.

කුරානයට ගිනි තැබීමේ සිදුවීම “වැඳුම් පිදුම් කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක්” ලෙස හෙළා දකින බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

පසුගිය දා රත්නපුරයේදී පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ආගමට එල්ල කළ ප්‍රහාරයක් වන මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය නිහඬව සිටීම ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියා.

එම සිද්ධියට එරෙහිව ලබන 13වනදා පාකිස්තානය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනාවට ශ්‍රී ලංකාව ද සහය පළ කර සිටින බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

READ:   මහ බැංකු ප්‍රහාරයට වරදකරු වූ හිටපු LTTE සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකුට ජනපති සමාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්