අද (21) රාත්‍රී 11 සිට ලබන අඟහරුවාදා (25) අලුයම 04 දක්වා දීප ව්‍යාප්ත සංචරණ සීමා පැනවීමක් සිදු කරන බවත් 25 වැනිදා අලුයම 04න් අනතුරුව පැය 19ක කාලයක් සඳහා එම සීමා ඉවත් කර, එදින රාත්‍රී 11 සිට 28 වැනිදා අලුයම 04 දක්වා යළි සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මීට පෙර පරිදිම එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා සහ රාජකාරි සඳහා පිටත් වන අයට සිය කාර්යාල ප්‍රධානියාගෙන් ලද අවසර ලිපි සහ රාජකාරී හැඳුනුම්පත් පෙන්වා ගමන් කළ හැකි වන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයටද අවසර දී ඇති බවත් යුද හමුදාපතිවරයා පවසයි.
අදාළ කාල සීමාවේදී රෝගීන්ගේ ඖෂධ ගැනීමට හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත වීමට හැකි වන නමුත් රට වසා දමන බවට වන ප්‍රචාර අසත්‍ය බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.
රට වහන්නේ නෑ – අද සිට සංචරණයට සීමා පමණයි
නවතම වීඩියෝ
-
ඇමරිකානු තානාපති කාර්යාලේ ඉදිරිපිට විරෝධතාවක්: සීලරතන හිමි ට්‍රම්ප්ට කියපු දේ.
-
බලමු, කුමාරගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයිද? පවිත්රාගේද පාටලීගෙද කංචානගේද?? බලමු..!! රෙඩි වෙන්න.
-
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතිඥවරිය රිමාන්ඩ් - මාධ්‍යයට කියාගෙන ගිය කතා ටික
-
🚨වෙසක් පොහොය වෙනස් කිරීමට ගත්ත තීරණය ගැන -ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හිමියන්


