Thursday, October 29, 2026
Homeදේශීය"මුතුරාජා" රැක බලාගත් ඇත්ගොව්වාට තායි රජ පවුලෙන් තෑගී...

“මුතුරාජා” රැක බලාගත් ඇත්ගොව්වාට තායි රජ පවුලෙන් තෑගී…

ශ්‍රී ලංකාවෙන් රැගෙන ගොස් දැනට තායිලන්තයේ ලැම්පනග් හි දින 30කි නිරෝධායනයකට යොමු කර සිටින ‘සක් සූරින්’ හෙවත් මුතුරාජා හස්තියා මෙරටදී රැක බලාගත් ශ්‍රී ලංකාවේ ඇත්ගොව්වාට තායිලන්තය රජු හා රැජින විසින් තිළිණයක් ප්‍රදානය කර තිබේ.

ඒ රෝගී මුතුරාජා මෙරටදී රැක බලා ගැනීම වෙනුවෙන්.

මෙලෙස තිළිණ ලබා ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ ඇත්ගොව්වා වන උපුල් ජයරත්න දෙනෙල්පිටියගේ මහතා යි.

තායි රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා පසුගිය ජුලි 02වනදා යළි තායිලන්තයට රැගෙන ගියා.

තායිලන්තය රජය විසින් මේ බව නිවේදනය කර තිබුණා.

READ:   අනෙක් රටවල් කොරෝනාවෙන් බේරෙන්න හදද්දී ලංකාව විදේශවලින් ගෙන්වා ක්‍රිකට් ගස්සනවා - මන්ත්‍රී කාවින්ද ජයවර්ධන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්