Wednesday, April 22, 2026
Homeදේශීයඅනෙක් රටවල් කොරෝනාවෙන් බේරෙන්න හදද්දී ලංකාව විදේශවලින් ගෙන්වා ක්‍රිකට් ගස්සනවා - මන්ත්‍රී...

අනෙක් රටවල් කොරෝනාවෙන් බේරෙන්න හදද්දී ලංකාව විදේශවලින් ගෙන්වා ක්‍රිකට් ගස්සනවා – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

වෙනත් රටවල් කොරෝනා වෛරසයෙන් ගැලවීමට ක්‍රියා කරද්දී ලංකාවේ රජය එංගලන්තයෙන් ක්‍රීඩකයින් ගෙනැවිත් ක්‍රිකට් ගැසීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද (13) පැවසීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.
“සහෝදර මන්ත්‍රී රන්ජන් රාමනායක වසර හතරකට බරපතළ වැඩ සහිතව සිරගත වෙනවා. එම නඩු තීන්දුව ගැන කතා කරන්නේ නැහැ. එය අධිකරණ තීන්දුවක්. නමුත් ගැටලුව මන්ත්‍රීවරයෙකු ඝාතනය කර පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් වීමයි. එම අයට පාර්ලිමේන්තු එන්නත් අවසර ලැබුණා. මේ ආණ්ඩුවේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. එ් වගේම කොරෝනා දෙවැනි රැල්ල බ්‍රැන්ඩික්ස් පොකුර ආවේ යුක්රේනයෙන් කියලා දැනගන්න ලැබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් ඒ රටෙන්ම ගේනවා. අපි අහනවා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන වුණාද කියලා. අද එම සංචාරකයන් මේ රටේ හිරවෙලා යුක්රේනය වසා දමලා. එම සංචාරකයන් දලදා මාලිගාව බලන්න ගිහින් තිබුණා. එහිදී විශාල ආරක්ෂාවක් යුද හමුදාවෙන් දාලා තිබුණා. එයට යන තෙල්, ආහාර වියදම ගෙවන්නේ රටේ බදු ගෙවන ජනතාවයි. මේ තුළින් දියුණු වුණේ සංචාරක ව්‍යාපාරය නොව වෙනත් පුද්ගලයින්. එංගලන්තයේ නව වෛරසයක් තියෙනවා. මේ ආණ්ඩුව ක්‍රිකට් ගහන්න එංගලන්තයෙන් ගෙන්වනවා. එහි එක් ක්‍රීඩකයෙකුට වෛරසය වැළඳිලා. වෙනත් රටවල් වෛරසයෙන් ගැලවෙන්න ක්‍රියා කරද්දි අපේ රජය එක පැත්තකින් එංගලන්තයෙන් ගෙනත් ක්‍රිකට් ගහනවා. අනිත් පැත්තෙන් සංචාරකයන් ගෙන්වා පාටි දානවා. රටේ ජනතාව සමග සෙල්ලම් කරන්න එපා.
බස්නාහිර පාසල් වහලා. ඒ වගේම කර්මාන්තශාලා වහලා. දැන් රට තුළ භීතියක් පතුරවමින් යනවා. යාපනයේ ස්මාරකය කැඩීම ගැන පුද්ගලිකව හෙළා දකිනවා. රුහුණ, පේරාදෙණිය විශ්ව විද්‍යාලවලත් එවැනි ස්මාරක තියෙනවා. එ්වා සිහිවටන. ආණ්ඩුවට අප කියා සිටිනවා යාපනයේ ස්මාරකය විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට.”

READ:   වසරේ කාන්තා ව්‍යවසායිකා සම්මානය වික්‍රමාරච්චි රසායනාගාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්