Friday, April 17, 2026
Homeදේශීයනැතිවුණු ජංගම දුරකතනයක් වෙනුවෙන් දවස් 03ක් තිස්සේ ජලාශයක් හිස් කළ නිලධාරියෙක්...

නැතිවුණු ජංගම දුරකතනයක් වෙනුවෙන් දවස් 03ක් තිස්සේ ජලාශයක් හිස් කළ නිලධාරියෙක්…

තම දුරකථන ජලාශයකට වැටීම නිසා එම ජලාශයේ ජලය ඉවත් කිරීමට කටයුතු කළ රාජේෂ් විශ්වස් නැමති නිලධාරියෙකුගේ වැඩ තහනම් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

අදාළ නිලධාරියා සෙල්ෆියක් ලබා ගැනීමට යෑමේදී ඔහුගේ දුරකථනය අසල ජලාශයට වැටී ඇත.

දුරකථනය සොයා ගැනීමට නොහැකි වූ නිසා ඔහු දුරකථනය සොයා කිමිදුම්කරුවන් යොදවා තිබේ.

කිමිදුම්කරුවන්ට ද දුරකථනය සොයා ගැනීමට නොහැකි වූ නිසා ඔහු ඩිසල් පොම්පයක් ආධාරයෙන් ජලාශයේ ජලය හිස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගොවිතැන් කටයුතු සදහා වූ ජලය ඉවත්කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වන අතර ඔහුගේ වැඩ තහනම් කිරීමට ද ඉන්දීය රජය කටයුතු කර ඇත.

රජයේ සංවේදී දත්ත රැසක් ඇති තම දුරකථනය සොයා ගැනීම සදහා ජලාශයේ වැඩි ජලය පමණක් ඉවත් කළ බව එම නිලධාරියා පවසා ඇත.

එම ජලය මුදා හැරීම ගොවීන්ටද ප්‍රයෝජනවත් වන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ජලාශයේ ජලය ඉවත් කිරීමෙන් පසු දුරකථනය හමුව ඇති අතර ඒ වන විටත් එය යළි භාවිතයට ගත නොහැකි ලෙස අක්‍රීය වී තිබූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

පොම්බ මගින් දවස් තුනක් පුරා ඔහු ජලාශයේ හිස් කර ඇති ජලය කුඹුරු ඉඩම් හෙක්ටයාර 600 ක ට ප්‍රමාණවත් බවත් ජලය ලීටර් මිලියන 2 කට වැඩි ප්‍රමාණයක් ඔහු පිටතට පොම්බ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ජලාශයට වැටී ඇත්තේ ඇමරිකානු ඩොලර් 1,200 ක් (ඉන්දියානු රුපියල් 100,000) ක් පමණ වටිනා දුරකථනයකි.

READ:   රටින් ගෙන්වන සහල් සතුන්ට මිසක් කෑමට සුදුසු නෑ - කෘෂිකර්ම ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්