Friday, July 24, 2026
HomeදේශීයUPDATE: චීවරදාරියාටයි කාන්තාවන් දෙන්නටයි පහරදීම: සම්බන්ධ 8ක් අත්අඩංගුවට

UPDATE: චීවරදාරියාටයි කාන්තාවන් දෙන්නටයි පහරදීම: සම්බන්ධ 8ක් අත්අඩංගුවට

පුද්ගලයින් පිරිසක් විසින් හිමිනමකට සහ තවත් කාන්තාවන් දෙදෙනෙකුට පහර දෙන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඇතිවූ සිද්ධියක් මේ සඳහා මුල්ව තිබුණා.

අදාළ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

එම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මීට පෙර පොලිසියට උපදෙස් ලබා දී තිබුණා.

මින් එක් සැකකරුවෙකු ඊයේ (07) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් 07 දෙනා අද උදෑසන නවගමුව පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ජනපති හා උතුර අතර විශේෂ සාකච්ඡාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්