පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට වන්දි ලබා දීම සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අධිකරණය විසින් ලබා දී ඇති කාලය ලබන බදාදා දිනයෙන් අවසන් වීමට නියමිතයි.
අදාළ පාර්ශවයන්ගේ පෞද්ගලික මුදලින් මෙම වන්දි මුදල් පාස්කු වින්දිතයන්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් ජනවාරි 12වනදා නියෝග කර සිටියා.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් කෝටි 10ක මුදලක්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට කෝටි 7.5ක මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කළා.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කෝටි 5ක වන්දියක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි මෙන්ඩිස් මහතාට රුපියල් කෝටියක මුදලක් වින්දිතයන්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියා.
ඉහත සඳහන් වන්දි මුදල් කිසිදු විත්තිකරුවකු විසින් වින්දිතයන් සඳහා මෙතෙක් ගෙවා නැති බව වාර්තා වේ.


