Monday, April 27, 2026
Homeදේශීයනිරෝධායනය කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන්...

නිරෝධායනය කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සතොසෙන් රු.5000ක සහන මල්ලක් – බන්දුල

නිරෝධායනය කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සතොසෙන් රු.5000/=ක සහන මල්ලක්…කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවේදී ගත් තීරණය පරිදි මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති පවුල් සහ වසංගතය පැතිර යාම උග්‍ර බවට හඳුනාගනිමින් ‍මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රු.5000/=ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සතොස ආයතනය විසින් කටයුතු සලසා ඇත.මෙරට පවත්නා වසංගත තත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසැල් ජාලය විවෘතව තැබේ.මෙම සහන මල්ල සඳහා ඇතුළත් වන භාණ්ඩ මෙසේය.

1. සුදු නාඩු සහල් 10kg

2. රතු කැකුළු සහල් 5kg

3. පාන් පිටි 3kg

4. අල(දේශීය) 3kg

5. රතු පරිප්පු 2kg

6. සුදු සීනි කිලෝ 1kg

7. දුඹුරු සීනි කිලෝ

8. බීඵෑණූ 3 kg

9. හාල්මැස්සන් 500 g

10. නුඩ්ල්ස් 1 kg

11.දෙවැනි බත පැකට් 1 යි (350 g)

12. තේ කොළ 200 g

13.මිරිස් කුඩු 200 g

14. සෝයා මීට් 90g පැකට් 02

15. ගම්මිරිස් 100g.

16. ලුණු කැට 1 kg.

17.ක්‍රිම් ක්‍රැකර් බිස්කට් පැකට් 1 යි (500g).

18.මාරි බිස්කට් පැකට් 1 යි (350g).

19.මුහුණු ආවරණ 10 යි.

20. විෂබීජ නාශක දියර 100mlමාධ්‍ය ඒකකය,

වෙළෙඳ අමාත්‍යාංශය.

READ:   Spring Meeting 2023 ඇමතීමට ශ්‍රී ලංකාව සූදානම්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්