Monday, June 15, 2026
Homeදේශීයවන්දනාකරුවන් රැගෙන ගිය කැබ් රථයක් පෙරළෙයි..

වන්දනාකරුවන් රැගෙන ගිය කැබ් රථයක් පෙරළෙයි..

කතරගම සිට වැඩිහිටිකන්දට බැතිමතුන් රැගෙන යන මාර්ගයකදී කැබ් රථයක් පෙරළී ගොස් තිබේ.

රථයේ රියදුරුට රථයේ වේගය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇත.

ඉහළමළුවේ සිට පහළමළුවට වන්දනාකරුවන් පිරිසක් රැගෙන එමින් සිටියදී සිදුවු මෙම අනතුරින් එහි ගමන් ගත් පිරිසට සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වෙනවා.

අනතුර සිදුවන විට රථය තුළ කාන්තාවන් 07 දෙනෙකු සහ තවත් දරුවෙකු ගමන් කර ඇත.

තුවාල ලැබූ පිරිස වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

ඔවුන් කතරගම රෝහලට ඇතුළත් කර ඇත.

READ:   අද සිට වැස්ස වැඩි වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්