Tuesday, September 15, 2026
Homeදේශීයසෙල්ෆි ගන්න ගිය තරුණියක් අත්තනගලු ඔයට වැටී අතුරුදහන්..

සෙල්ෆි ගන්න ගිය තරුණියක් අත්තනගලු ඔයට වැටී අතුරුදහන්..

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය 21 හැවිරිදි තරුණියක් අත්තනගල්ල ඔයේ දූනමලේ ජල මාපාන්කය අසල දී පය ලිස්සා අත්තනගලු ඔයට වැටී අතුරුදන්ව තිබේ.

ඊයේ (02) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබේ.

මෙලෙස ඔයට වැටී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 21 ක්වූ කෙසෙල්වත්ත ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

ඇය සිය යෙහිළියන් දෙදෙනෙකු සමඟ යෙහෙළියන් දෙදෙනාගේ තිහාරිය ප්‍රදේශයේ ඥාති නිවෙසකට පැමිණ සිටියදී මෙම අනතුර සිදුව ඇත.

මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් නාවීක කිමිදුම් අංශ දැනුවත් කර තිබේ.

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යෑමේදී පය ලිස්සා යාමෙන් අදාළ තරුණිය ඔයට වැටී ඇති බව අනාවරණය වී ඇත.

READ:   ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයන් තීරණාත්මකයි - ජනපති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමින් අවධාරණය කරයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්