Friday, July 24, 2026
Homeක්‍රීඩාඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති දෙවන විස්සයි විස්ස තරඟය ලකුණු 16 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 දැවී ලකුණු 206ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 52 ක් ,චරිත් හසලංක වේගවත් ලකුණු 37 ක්, පැතුම් නිස්සංක ලකුණු 33 ක් වශයෙන් රැස් කළා.

නායකත්වයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 22 ක් තුළ නොදැවී ලකුණු 56 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් Umran Malik ලකුණු 48 කට කඩුලු 03 ක් දවා ගත්තා.

ලකුණු 207 ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 190 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ඉන්දියාව වෙනුවෙන් Axar Patel පන්දු 31කදී ලකුණු 65 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක සහ කසුන් රාජිත කඩුලු 02 බැගින් ලබා ගත්තා.

ඒ අනුව විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය ඉන්දියාව පරදා ලකුණු 16 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

READ:   කොරෝනා වලින් පසු පළමු චීන සංචාරකයින් පිරිස දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්