ඉන්දියාවේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 206 ක් රැස් කළා.
ලකුණු 207 ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස් කර ගත හැකිවුයේ ලකුණු 190 ක් පමණයි. ඒ අනුව අද පැවති විස්සයි විස්ස දෙවන තරඟය ලකුණු 16 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.



