Sunday, April 19, 2026
Homeක්‍රීඩාසුපිරි 6 වටයෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට..

සුපිරි 6 වටයෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට..

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ, ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු තරගය අද (30) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.

විනිසුරු තීරණ යළි සලකා බැලීමේ අවස්ථාව සුපිරි 6 දෙනාගේ වටයට ක්‍රීඩා කරන කණ්ඩායම් සඳහා හිමිව තිබේ.

සුපිරි හය දෙනාගේ වටය ආරම්භ කරමින් සිම්බාබ්වේ සහ ඕමානය ඊයේ (29) තරග බිමට පිවිසි අතර එම තරගය ලකුණු 14 කින් ජය ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

මේ දක්වා ක්‍රීඩා කළ සියලු තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි හය දෙනාගේ වටයට එක් වෙනවා.

නෙදර්ලන්තය පසුගිය දා ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 22 කින් පරාජයට පත් කිරීමට සමත් වුණා.

ඒ අනුව අද තරගය ප්‍රබල තරගයක් වනු ඇති.

READ:   ජේතවනාරාමයේ ජල කාන්දුව ගැන ගත් තීරණය..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්