Saturday, June 6, 2026
Homeක්‍රීඩාසිම්බාබ්වෙන් තවත් දැවැන්ත ඉලක්කයක්

සිම්බාබ්වෙන් තවත් දැවැන්ත ඉලක්කයක්

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමානය අතරයි.

කාසිය වාසිය දිනු ඕමාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 332ක් රැස් කළා.

සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ ශෝන් විලියම්ස් සිම්බාබ්වේ වෙනුවෙන් ලකුණු 142 ක් රැස් කළා.

ඒ හයේ පහර 3ක් සහ හතරේ පහර 14ක් සමගින්.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕමාන කණ්ඩායම කිසිවෙකු නොදැවී පන්දුවාර 03ක් අවසානයේ ලකුණු 24ක් ලබා සිටිනවා.

READ:   පුරාවිද්‍යා ස්මාරකයක් වූ ගජමන් නෝනාගේ නිවසට පරිත්‍යාග රැසක්…!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්