Monday, September 14, 2026
Homeදේශීයදුරකථනයෙන් මරණ තර්ජනය කර කප්පම් ගැරූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

දුරකථනයෙන් මරණ තර්ජනය කර කප්පම් ගැරූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

දුරකථනයෙන් බැන මරණ තර්ජනය කරමින් කප්පම් මුදල් ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් තිදෙනෙකු පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙලිඅත්ත, තංගල්ල හා ගාල්ල යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකාරියන් වයස අවුරුදු 25,33 හා 65 වූ තංගල්ල ගාල්ල හා බෙලිඅත්ත ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

සැකකරුවන් වයස අවුරුදු 26 හා 30 ක් වූ සූරියවැව හා තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.

බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම් මත මෙම කප්පම් මුදල් ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි

READ:   රනිල්ගේ ඉරණම!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්