Monday, June 15, 2026
Homeදේශීයජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ

 තාක්ෂණය  හා ජාලකරණය මඟින් ජනාධිපති අරමුදලේ සේවාව ජනතාව සමීපයටම ගෙන යනවා

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල   
ප්‍රාදේශීය ලේකම් කාර්යාල  මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති 
අනුර කුමාර දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07දා 
ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව, කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා 
සැපයීම  දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල  341හිම ස්ථාපිත කෙරෙන 
උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීමට  සැලසුම් කර තිබේ.

තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක මීට අදාළ නියමු ව්‍යාපෘතිය දැනටමත් 
ක්‍රියාත්මක වන අතර එය  දිවයින පුරා ක්‍රියාත්මක කිරීම මේ අනුව පෙබරවාරි 
07 වැනිදා සිට ඇරඹේ.

President's Fund

ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් 
දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති මාර්ගගත 
සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති අරමුදලට නව ඩිජිටල්කරණ හා ජාලකරණ වැඩපිළිවෙල හඳුන්වාදීම තුළින් 
ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් සැපයීමට කටයුතු කරන බව 
ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ   
මහතා සඳහන් කළේය.

මෙහිදී ඕනෑම කෙනෙකුට තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ රෝගයට 
අදාළ මුදල ඉල්ලුම් කළ හැකි අතර ඊට අදාළ ලිපි ලේඛන ප්‍රාදේශීය ලේකම් 
කාර්යාල වෙත ගෙනවිත් භාර දිය හැකිය.

රෝගීන් තෝරා ගන්නා ආකාරය, ඔවුන්ගේ ලිපි ලේඛන සකස් කරන ආකාරය, සහ ජනාධිපති 
අරමුදලේ වගකීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් 
කිරීම සිදු කෙරිණි.

ජනාධිපති මාධ්‍ය අංශය

READ:   හදවත අවුලුවා වතුකරේ ලැයින් කාමර ගිනි ගනී.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්