Wednesday, September 9, 2026
Homeදේශීයතවත් වෙඩි තැබීමක්

තවත් වෙඩි තැබීමක්

පෑලියගොඩ, දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු හා සිද්ධිය අතරතුර පැනයාමට උත්සහ කළ පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

තුවාලකරුවන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා.

ඊයේ (25) සවස සිදුවූ මෙම වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 24,34 සහ 44 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය,අංගොඩ සහ පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් කිහිප දෙනෙකි.

ටී.56 ගිනිඅවියක් භාවිතා කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   BREAKING NEWS: හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රිය අනතුරකට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්