Wednesday, September 9, 2026
Homeදේශීයජෙරම් ප්‍රනාන්දු තීරණයක් ගනී..

ජෙරම් ප්‍රනාන්දු තීරණයක් ගනී..

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගෙන තිබේ.

අභියාචනා අධිකරණය හමුවේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් එම පෙත්සම අධිකරණයෙන් ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා ඇත.

එහිදී පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අධිකරණය අවසර ලබා දී තිබේ.

ආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා මත ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර සිටි අතර මේ වන විට දේවගැතිවරයා විදෙස්ගතව සිටි.

READ:   සුප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයක සේවකයින් ගෙදර නතර කිරීමේ තීරණයක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්