ටයිටනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබී තිබේ.
ඒ අනුව පැය 4ක කාලයක් තිස්සේ මිනිත්තු 30කට වරක් යම් පහරදීමේ හඬක් ඇසුණු බව සබ්මැරීනය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන අමෙරිකානු වෙරළාරක්ෂකයින් පවසනවා.
මේ අතර අනතුරට පත් යාත්‍රාව තුළ තවත් පැය 30කට අඩුකාලයක් පමණක් ඔක්සිජන් ඇති බව වාර්තා වේ.
සංචාරකයින් පස් දෙනෙකුන් සමග ටයිටැනික් නෞකාව බැලීම සඳහා පිටත්ව ගිය ටයිටන් සබ්මැරීනය පසුගියදා අත්ලාන්තික් ගැඹුරු මුහුදේ දී අතුරුදහන් වුණා.
සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක යි.
මේ සඳහා අමෙරිකාව, කැනඩාව සහ ප්‍රංශ කණ්ඩායම් ද එක්ව තිබේ.


