Saturday, June 13, 2026
Homeදේශීයටයිටැනික් නැවේ සුන්බුන් බැලීමට ගිය සබ්මැරීනයක් අතුරුදහන්

ටයිටැනික් නැවේ සුන්බුන් බැලීමට ගිය සබ්මැරීනයක් අතුරුදහන්

ටයිටනික් නැවේ සුන්බුන් බැලීමට පිටත්ව ගිය සබ්මැරීනයක් අත්ලාන්තික් මුහුදේ අඩි 12.500ක් ගැඹුරු මුහුදේ අතුරුදහන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරීනයකි.

සංචාරකයින් පස් දෙනෙකු ගමන් කර ඇති එම යාත්‍රාව සොයා මේ වන විට අමෙරිකානු ආරක්ෂක අංශය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45 ක් තුළ එහි සියලු සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

දින 04කට ප්‍රමාණවත් තරම් වන ඔක්සිජන් යාත්‍රාව තුළ ඇති බැවින් එහි ගමන් කළ පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය පවසනවා.

READ:   WhatsApp තොරතුරු පවා ලබාගන්න අයිතියක් නව පනතින් පොලීසියට - නීතිඥ හිජාස් හිස්බුල්ලා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්