Saturday, September 12, 2026
Homeදේශීයමුල්ලේරියාව දරුවාගේ මරණයේ සැකකරුට අධිකරණයෙන් නියෝග

මුල්ලේරියාව දරුවාගේ මරණයේ සැකකරුට අධිකරණයෙන් නියෝග

මුල්ලේරියාව, හල්බරව ප්‍රදේශයේ දී මියගිය පස් හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ජුනි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ සැකකරු අලුත්කඩේ අංක 15 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

වැඩ බිමක් අසල දී බෝතලයක කටු ඇනීමෙන් මියගිය බවට සැකකෙරුණු පස් හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එම වැඩපලෙහි තණකොළ කපමින් සිටි පුද්ගලයකු ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු ක්‍රියාත්මක කළ තණකොළ කපන යන්ත්‍රයේ තලය වැදීමෙන් දරුවා මිය ගොස් ඇති බවයි.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙණු සැකකරු, වයස අවුරුදු 51 වූ කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

READ:   රන් මිල බසී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්