Sunday, June 14, 2026
Homeදේශීයරාජ්‍ය ආයතනවලට බිල්ඩිම් ගන්න සල්ලී කන හැටි විජේසිරි හෙළිකරයි

රාජ්‍ය ආයතනවලට බිල්ඩිම් ගන්න සල්ලී කන හැටි විජේසිරි හෙළිකරයි

රාජ්‍ය ආයතන සඳහා කාර්යාල පවත්වාගෙන යෑමට සුඛෝපභෝගී ගොඩනැගිලි මිලදී ගැනීම වෙනුවෙන් ජනතා බදු මුදල් විශාල ප්‍රමාණයක් පෞද්ගලික ආයතනවලට ගෙවා දමන බව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පවසනවා.

අයතා මුදල් ගනුදෙනු රැසක් එහිදී සිදුවන බව ඔහු ඊයේ (09) පාර්ලිමේන්තුවට හෙළිකර සිටියා.

එලෙස රාජ්‍ය වියදම වැඩිවීම රට බංකොලොත් භාවයට ඇද දැමීමට හේතු වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට අයත් ගොඩනැගිල්ල සඳහා මසකට රුපියල් ලක්ෂ 13ක් ගෙවන බව ඔහු පවසනවා.

එමෙන්ම විදුලි බල අමාත්‍යාංශයේ කොල්ලුපිටියේ පිහිටි ගොඩනැගිලිල සඳහා මසකට ලක්ෂ 20ක් ගෙවීමට සිදුව ඇති බව ඒ මහතා පෙන්වා දෙනවා.

මේ අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්ෂ 65ක් කුලී වශයෙන් ගෙවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   පිවිතුරු බුදු දහමත්, බොදු උරුමයත් සුරැකීමට කැපවෙමු - ජනපති පොසොන් දින පණිවිඩයෙන් කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්