Wednesday, July 22, 2026
Homeදේශීයබුවනෙකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය ඩෝසර් කළ අය රකින්නේ කව්ද? - Patali Champika

බුවනෙකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය ඩෝසර් කළ අය රකින්නේ කව්ද? – Patali Champika

අද උදෑසන හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා සිද්දිය වු ස්ථානයට පැමිණ එය පරීක්ෂා කළා.
මේ එහිදී දැක්වු අදහස්.

කුරුණෑගල රාජධානියේ ඓතිහාසික උරුමය ඩෝසර් කළ අපරාධකරුවන් රකින්නේ ජනපති හා අගමැති

“මේ රටේ ජාතික සංස්කෘතිය ආරක්ෂා කරනවා කියලා පසුගිය ජනාධිපතිවරණයෙන් බලයට ඇවිත්, අද අපිට පේනවා මේ ජාතික සංස්කෘතියට කරගෙන යන විනාශය. මාර්ග සංවර්ධනය සඳහා යම් ක්‍රමවේදයක් තියනවා. පරිසර ඇගයීමක් සහ පුරාවිද්‍යාත්මක ඇඟයීමක් සිදුකල යුතුයි.

මේ ස්ථානය දෙවන බුවනෙකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය තිබුනු ස්ථානය ලෙස පුරාවිද්‍යා කොමසාරිස් හදුනාගෙන තිබෙනවා. ඒ බව පුරාවිද්‍යා කොමසාරිස් විසින් නගර සභාවට සහ පොලීසියට දැනුම්දී තිබියදී බලහත්කාරයෙන් මේ විනාශය සිද්ධ කරලා තියෙනවා.

දැන් තියෙන්නේ කොමිෂන් සභා පත්කර කර කල් මැරීම නෙමෙයි. මේ සිදුවීම්වලට සම්බන්ධ පාර්ශව අත්අඩංගුවට ගැනීම. මේ රටේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව අද තියෙන්නේ රටේ අගමැතිවරයා යටතේ. රටේ අගමැතිවරයා තමයි කුරුණෑගල ප්‍රධාන ජන්ද අපේක්ෂකයා.

රටේ පොලීසිය තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා පොලීසිය ක්‍රියාත්මක කරවන්න. කොමිෂන් දාදා බලා ඉන්න එක නෙමෙයි මේකට කරන්න ඕන.

අපි පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවට මාර්ග හදලා දෙන්න නෙමෙයි මේ හදන්නේ. මේ අනාගතයෙදි මේ අය කරන්න හදන හෝටල් ව්‍යාපෘති වලට අවශ්‍ය කරන බිම් කඩවල් සුද්ධ කරන එක තමයි මේ කරන්නේ. එහිදී ඔවුන්ට මෙතන තිබ්බේ බුවනෙකභාහු රජතුමාගේ රාජසභා මණ්ඩපයද, පුරාණ විහාරස්ථානයක්ද, පුරා විද්‍යා ස්මාරකයක්ද යන්න අදාලම නැහැ.

මේ මහමාර්ග සංවර්ධන අධිකාරිය අයිති ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයට. ඔහු පිටුපස ඉන්නේ නාමල් රාජපක්ෂ. මේ විනාශය ඒ සියලු දෙනාගේම අනුමැතියෙන් සිදුවුන දෙයක් මිසක් කුරුණෑගල නගරාධිපතිගේ අවශ්‍යතාවයට සිදුකරපු දෙයක් නෙමෙයි. ඒ නිසා මෙහි සම්පූර්ණ වගකීම ජනාධිපතිත් අගමැතිති දැරිය යුතුයි” – පාඨලී චම්පික රණවක

READ:   කාන්තාවකට අමානුෂිකව පහරදී මහපාරේ ඇදන් ගිය පොලිස් සැරයන්ට වැඩ වරදියි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්