Saturday, October 10, 2026
Homeදේශීයඩයානා ගමගේ මන්ත්‍රීධුරය අහෝසි වෙයිද? තීරණය අද

ඩයානා ගමගේ මන්ත්‍රීධුරය අහෝසි වෙයිද? තීරණය අද

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනා අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරියට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි බව දන්වා පෙත්සමින් කරුණු ගොනුකර තිබුණා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඖෂල හේරත් මහතා විසින් අදාළ පෙත්සම ගොනුකර තිබේ.

ඩයානා ගමගේ මන්ත්‍රීවරියගේ ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමින් ඉල්ලා සිටී.

READ:   සභාපතිකම් අත් නාරින කට්ටිය ගැන, ක්‍රීඩා ඇමති අමරිකානු තානාපතිනියට කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්