Friday, July 24, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවන එක්දින තරගය ශ්‍රී ලංකාව ජයගත්තා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 323 ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78ක්, දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්, සධීර සමරවික්‍රම ලකුණු 44 ක් සහ පැතුම් නිස්සංක ලකුණු 43 ක් වශයෙන් රැස් කළා.

ලකුණු 324 ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 191 ක් පමණි.

ඒ තරගයේ තවත් පන්දුවාර 06 ක් ඉතිරිව තිබිය දී. (42.1)

පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා කඩුලු 3 බැගින් දවාගත්තා.

දුෂ්මන්ත චමීර ක්‍රියාත්මක කළ පන්දුවාර 07 සඳහා ඔහු ලකුණු 18 ක් පමණක් ලබා දීම විශේෂත්වයකි. ඒ කඩුලු 02 ක් ද දවාගනිමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවන එක්දින තරගය ලකුණු 132 ක, විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

READ:   2050 වන විට හරිත ආර්ථිකයක් නිර්මාණය කරන වැඩපිළිවෙල ආරම්භ කළා - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්