Sunday, April 19, 2026
Homeදේශීයඉන්ධන ගැන දැනුම්දීමක්

ඉන්ධන ගැන දැනුම්දීමක්

මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ද ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම්දී තිබෙනවා.

ටුවිටර් පණිවිඩයක් තබමින් ඒ මහතා මේ බව මේ බව පැවසුවා.

අතිකාල වියදම් අඩුකිරීම සඳහා පසුගිය මාස 4ක කාලයක් පුරාවට රජයේ නිවාඩු දිනවල ඉන්ධන බෙදාහැරීම සිදුනොකළ බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඉන්ධන කෝටාව ඉහළ දැමීමත් ඉන්ධන මිල අඩුවීමේ බලාපොරොත්තුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අවම තොග පවත්වාගෙන නොයෑමත් නිසා මේ වන විට පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් ප්‍රමාණවත් ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බව අමාත්‍යවරයා මීට පෙර නිවේදනය කර තිබුණා.

READ:   නවසීලන්ත කණ්ඩායමට ලකුණු 65 ක ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්