Saturday, June 6, 2026
Homeදේශීයආචාර්ය උපාධිය එපා කී සුපිරි ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්

ආචාර්ය උපාධිය එපා කී සුපිරි ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්

ඉන්දීය දීප්තිමත් ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ට බැංගලෝර් විශ්ව විද්‍යාලය විසින් ආචාර්ය උපාධිය ලබා දුන් අතර රාහුල් ඩ්‍රාවිඩ් එය නැවත ආපසු ලබා දී පැමිණියා පමණක් නොව, එහිදී ඔහු අපූරු කතාවක් ද කලේය.

‘‘මගේ බිරිඳ වෛද්‍යවරියක්, ඇය බොහෝ නිදි වර්ජිත රාත්‍රීන් සහ දහවල් ගත කළා මෙම මාතෘකාව ඇය සතු කර ගැනීමට. මගේ අම්මා සෞන්දර්ය පිළිබද මහාචාර්යවරියක්, ඇය ඒ සඳහා අවුරුදු පනහක් බලා සිටියා, නොපසුබටව. මම ක්‍රිකට් ගහන්න මහන්සි වෙලා තියෙනවා, ඒත් එච්චර ඉගෙනගෙන නෑ.

ඉතින් කොහොමද මේ උපාධිය ගන්නේ ?‘‘

‘‘1952 දී එරට අගමැති වීමට ඊශ්‍රායල් රජයෙන් අයින්ස්ටයින්ට ආරාධනා කරනවා. අයින්ස්ටයින් නිහතමානීව පැවසුවේ මම භෞතික විද්‍යාවේ ශිෂ්‍යයෙක්. රාජ්‍ය පාලනය ගැන මට තේරෙන්නේ කුමක්ද?‘‘

‘‘පෙරල්මන් නම් ලෝක ප්‍රකට ගණිතඥයා ලොව පුරා ගණිත ක්ෂේත්‍රයේ පදක්කම් නොබෙල් ත්‍යාගය සහ සම්මානද ඒ සඳහා ලැබුණ විශාල මුදලක්ද ආපසු ලබා දුන්නේය. ඔහු කිව්වා අපි ගොඩක් දුප්පත් පවුලක් වෙලා හිටියා. අම්මට සල්ලි කීයක් හරි ඉතුරු කරන්න ගනන් කර කර ඉන්න උනා. ඒ කාලෙම මට පොඩි පොඩි ගණිත හැකියාවක් පෙන්නන්න පුළුවන් වුණා. දැන් අපිට හිගයක් නෑ. ඉතින් මෙච්චර සල්ලි වලට අපි මොකද කරන්නේ‘‘

“මේ මිනිසුන්ගේ නිරහංකාර බව දැක මම මාගේ හිස නමන්නේ ගෞරවයට හා ලැජ්ජාවටය. මම මා දෙස බලන විට, මට පෙනෙන්නේ විනාශ කළ නොහැකි, අහංකාරයක් ඇති මිනිසුන්ගේ ප්‍රතිබිම්බයයි. මේ උදාර මිනිස්සු මට නැවත නැවතත් මතක් කරනවා නිහතමානී වෙනවා කියන්නේ පුංචි වෙලා වැටෙනවා කියන එක නෙවෙයි, ඒකෙ අනිත් පැත්ත. ඒ කියන්නෙ ගොඩක් ලොකු වෙනවා කියන එක සහ ලොකුකම් වල අපි ගොඩක් පොඩි වෙනවා කියන එක. පොඩි වෙන්න දරන නිහතමානී උත්සාහයේදී අපි නැවත නැවතත් ලොකු වෙනවා. ලෝකෙ තියෙන අමුතුම ඇත්ත තමයි ලොකු වෙන්න නම් පුංචි වෙන්නම ඕන, ඒත් පුංචි වෙන්න ලොකු වෙන්න ඕන නෑ.”

උපුටා ගැනීමෙි ගෞරවය:NothingButCricke

READ:   BREAKING NEWS: රාජපක්ෂවරු ගැන අධිකරණ තීන්දුව සභාවට කියද්දී පාර්ලිමේන්තුව උණුසුම් වෙයි. සභාව කල් තැබේ.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්