Sunday, July 26, 2026
Homeදේශීයඅදානි සමාගම නම් කළේ ඉන්දියාව - බලශක්ති ඇමැති - උදය ගම්මන්පිල

අදානි සමාගම නම් කළේ ඉන්දියාව – බලශක්ති ඇමැති – උදය ගම්මන්පිල

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අදානි සමාගම නම් කළේ ඉන්දීය ආණ්ඩුව බව බලශක්ති ඇමැති, උදය ගම්මන්පිල මහතා පැවසුවා

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සදහා ඉන්දියානු සමාගමක් ඒක්ව සටින්නේ වත්මන් රජයේ සම්බන්ධයකින් තොරව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ද සදහන් කර ඇති බවයි.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධව ඇමතිවරයා අදහස් දැක් වුවා.
ගම්මන්පිල…

“මේ සමාගම ඒ සඳහා නම් කළේ ඉන්දියානු ආණ්ඩුව. නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක ප්‍රතිඵලයක් ලෙසයි බටහිර ජැටිය ඔවුනට ලබා දුන්නේ. නැගෙනහිර ජැටිය සංවර්ධනයට ඉන්දියාව නම් කළ සමාගමටම බටහිර ජැටිය සම්බන්ධයෙන් සාකච්ඡාවන්ට ශ්‍රී ලංකා රජය ආරාධනා කළා .”

READ:   ඉන්දියාවට විශිෂ්ට ජයක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්