Monday, September 14, 2026
Homeදේශීයසොරකම් කළ මෝටර් රථය සොයාගැනේ..

සොරකම් කළ මෝටර් රථය සොයාගැනේ..

තලංගම , තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා සමග සොරකම් කරන ලද මෝටර් රථය, ජංගම දුරකථන දෙකක්, විවිධ වර්ගයේ සිම්පත් රාශියක් සහ නවතා තිබූ මෝටර් රථය ස්කෑන් කර පණගැන්වීම සඳහා භාවිතා කළ යන්ත්‍රයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ මෝටර් රථය සොරකම්කිරීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 32 සහ 29 පසුවන තිහගොඩ සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් අද (30) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තලංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් 2ක් අරන්?? - ගෝඨාගේ හිටපු ලේකම් සුගීෂ්වර රිමාන්ඩ් භාරයට ගිය සම්පූර්ණ විස්තරේ.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්