Tuesday, April 21, 2026
Homeදේශීයඅනතුරට පත් චීන යාත්‍රාවේ සිටි පිරිස සොයා නාවුක හමුදාව ගැඹුරු මුහුදේ සටනක...

අනතුරට පත් චීන යාත්‍රාවේ සිටි පිරිස සොයා නාවුක හමුදාව ගැඹුරු මුහුදේ සටනක (PHOTO)

ශ්‍රී ලංකාවට දකණු දෙසින් ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීමේ කලාපයබ අයත් ගැඹුරු මුහුදේ මැයි 16 වනදා පෙරලි අනතුරකට ලක් වූ ‘LU PENG YUAN YU 028 ‘ නැමති චීන ධීවර යාත්‍රාව සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේම විශේෂ මෙහෙයුම සඳහා මෙරට නාවික හමුදාව ද එක්ව තිබේ.

ඒ අනුව අපදාවට පත් නෞකාව අසලට විජයබාහු නෞකාව එම අනතුරුට පත් යාත්‍රාවේ වායු රික්තකය තුල සිරව ඇති බවට සැකකෙරන කාර්ය මණ්ඩලය සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

දින තුනක් පුරා පැවති අසීරු කිමිඳුම් මෙහෙයුමකින් අනතුරුව යත්‍රාවේ නවාතැන් මැදිරි ප්‍රදේශයේ තිබූ මළසිරුරු දෙකක් සොයා ගෙන ඇත.

එම මළසිරුරු චීන වෙනත් යාත්‍රාවක් වෙත භාර දී තිබේ.

එමෙන්ම අනතුරට පත් යාත්‍රාවේ නවාතැන් ගන්නා කාමර තුළ සහ අනෙකුත් මැදිරිවල තිබී නරක් වූ මළසිරුරු 12 ක් මෙරට නාවික කිමිදුන්කරුවන් විසින් සොයා ගෙන තිබේ.

file
file
file
file
file
file
file
file
READ:   කොදෙව්වෙන් ලකුණු 182 ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්