Sunday, July 26, 2026
Homeදේශීයපියාගේ මරණයට සැකපිට පුත්‍රයා අත්අඩංගුවට

පියාගේ මරණයට සැකපිට පුත්‍රයා අත්අඩංගුවට

වැලිපැන්න ,කොලැහැකඩ, නවුන්තුඩුව ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

ඊයේ (19) උදෑසන මේ සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියට පණිවිඩයක් ලැබී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73 ක්වූ කොලැහැකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මරණකරු තම පුත්‍රය හා ලේලිය සමග නිවසේ පදිංචිව සිට ඇති අතර ඔහුගේ බිරිඳ නිවසට පැමිණෙන විට ඔහු නිවසේ කාමරයක ඇඳ මත උඩබැලි අතට වැටී සිටිනවා දැක තිබේ.

මරණය සම්බන්ධයෙන් සැකපිට මියගිය පුද්ගලයාගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   අද සිට මිල වැඩි වෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්