Thursday, August 13, 2026
Homeවිදේශීයපුලිනතලාරාමයේ ධාතු කරඬුව සොරකම් කළ කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට..

පුලිනතලාරාමයේ ධාතු කරඬුව සොරකම් කළ කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට..

කල්දෙමුල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු කරඬුව සොරකම් කිරීමේ සිද්ධියට සැකපිට දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඊයේ (18) අත්අඩංගුවට පත්ව ඇත.

ජනවාරි මස 18 වනදා එම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ කරඬුව සොරකම් කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

සොරකම් කරන ලද ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ රන් නෙළුම් මල සැකකරුවන් විසින් උණුකර ඇති බවට ප්‍රශ්නකිරීම් වලදී අනාවරණය වී ඇත.

ඒ අනුව උණු කර තිබූ ග්‍රෑම් 61 සර මිලිග්‍රෑම් 170 ක් පමණ බර රන් ගුලියක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව වාර්තා වෙනවා.

සැකකරුවන් අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   පිරමීඩ ජාවාරමකට මුදල් දුන් අයෙක් මුගුරකින් පහරදී ඝාතනය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්