Sunday, September 13, 2026
Homeදේශීයබංග්ලාදේශයට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා පිලට..

බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා පිලට..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති තුන් වන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 44 කින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 158 ක් රැස් කළා.

ලකුණු 158 ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට නියමික පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 114 ක් පමණයි.

ඒ අනුව තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.

READ:   ප්‍රබල අකුණු සමග මි.මි. 100 ඉක්ම වූ තද වැසි - කාලගුණය අනතුරු අඟවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්