නීති විරෝධීව මෙරටට ආනයනය කළ වාහන අමතර කොටස්, විදේශීය දුම්වැටි සහ මත්පැන් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 18කට අධික බව රේගුව පවසනවා.
ඇදුම් වේළන මැෂිමක් තුළ සඟවා ගෙන්වන ලද රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් ඉක්ම වන වටිනාකමකින් යුත් චීන සිගරට් තොගයක් ඒ අතර වේ.
රෙදි සෝදන දියර ලෙස නම් කල බෝතල්වල පුරවා මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන්වල වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බව සඳහන්.
කෝටි 09 ක වටිනාකමින් යුත් කොටස් කරන ලද මිට්සුබිෂි වර්ගයේ ජීප් රථ 4ක් , සුබාරු වර්ගයේ ජීප් රථ 2 ක් සහ 250cc කාණ්ඩයේ මෝටර් බයිසිකල් 20 ක් ද ඒ අතර වන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.


