Friday, October 16, 2026
Homeදේශීය15 හැවිරිදි සිසුවියක් පාසලේ උඩ තට්ටුවෙන් පනී

15 හැවිරිදි සිසුවියක් පාසලේ උඩ තට්ටුවෙන් පනී

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක 10 වසර ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසල් සිසුවියක් පාසලේ ගොඩනැගිලක පළමු මහලින් පැන තිබේ.

මහලෙන් පැනීම හේතුවෙන් තුවාල ලැබ ඇති සිසුවිය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මැයි 09 වන දා (පෙරේදා) උදෑසන 11.30 ට පමණ පාසල් පන්තිකාමරයෙන් පිටතට පැමිණ අඩි 15 ක් පමණ උස මහලින් සිසුවිය බිමට පැන තිබෙනවා.

ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක් වන කටුගස්තොට, කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවියක් බව පොලිසිය පවසනවා.

මහනුවර ජාතික රෝහලේ දී සිසුවිය සී.ටී. ස්කෑන් පරීක්ෂාවකට ලක් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

READ:   ශ්‍රී ලංකාව නැවතත් පළමු තැනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්