Tuesday, September 8, 2026
Homeදේශීයගල්කිස්ස ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්ස ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණිකා නිවාසය කළමනාකරණය සිදුකළ සැකකාරියද ඒ අතර වේ.

ඊයේ (10) සවස ගල්කිස්ස පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිනියන් වයස අවුරුදු 24,25,30,31,36 සහ 52 යන වයස්වල පසුවන මොරටුව, තඹුත්තේගම , මැණික්හින්න, පානදුර සහ අනුරාධපුර යන ප්‍රදේශවලට පදිංචි අය බව පොලිසිය පවසනවා.

සැකකාරියන් අද (11) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   රඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට ඇප
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්