Sunday, April 26, 2026
Homeදේශීයඅතුරුදහන් යැයි කී 15 හැවිරිදි දැරියගෙන් වීඩියෝවක්

අතුරුදහන් යැයි කී 15 හැවිරිදි දැරියගෙන් වීඩියෝවක්

අතුරුදහන්වූවා යැයි පැවසුන මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිය විසින් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.

ඇය මෙම වීඩියෝව මගින් සිය මවට ප්‍රකාශ කර සිටින්නේ තමන් සිය කැමැත්තෙන් තරුණයෙක් සමග පැමිණි බවයි.

තමන් පැහැරගෙන ඇති බවට සිය මව විසින් බොරු ප්‍රචාරයක් යවා ඇති බව ඇය පවසනවා.

තමන් පැමිණි තරුණයා සමග පැවති ප්‍රේම සම්බන්ධයට මව මුලින් කැමති ව පසුව ඊට අකමැති වූ බවත් මව විසින් තමන් වෙනත් තරුණයෙකුට බලෙන් විවාහකර දීමට බල කරන බවත් ඇය පවසනවා.

මුලින් දෙමාපියන් කැමතිව තමන්ගේ මව පසුව අකමැති වූ නිසා ඔහු සමග පැමිණි බව ඇය පවසනවා.

READ:   ශ්‍රී ලංකාවෙන් ලකුණු 214 ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්