Sunday, June 14, 2026
Homeදේශීයරත්‍රං කිලෝ 7ක් (6.996Kg) ඉනේ සඟවාගෙන පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට

රත්‍රං කිලෝ 7ක් (6.996Kg) ඉනේ සඟවාගෙන පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට

රත්‍රං කිලෝ 6.996 ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොල දී පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) උදෑසන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 43 ක් වූ ශ්‍රී සංඝරාජ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ඩුබායි සිට මෙම රත්‍රං තොගය රත්‍රං බිස්කට් සහ ආභරණ ආකාරයට සූක්ෂම ලෙස තම ඉන ප්‍රදේශයේ සඟවා රැගෙනවිත් ඇත.

රත්‍රං බිස්කට් කිලෝ 04 යි ග්‍රෑම් 942 ක් සහ ස්වර්ණාභරණ කිලෝ 02යි ග්‍රෑම් 54 ක් ඒ අතර වූ බව පොලිසිය පැවසුවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපොල රේගු විමර්ශන නිලධාරීන් වෙත භාර දී ඇත.

READ:   ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්