Monday, April 20, 2026
Homeදේශීයමහින්ද මහත්තයගේ මූණ ආයිත් රෝස පාටයි. පින් පාටයි. පරණ පින එනවා. පිච්චුණු...

මහින්ද මහත්තයගේ මූණ ආයිත් රෝස පාටයි. පින් පාටයි. පරණ පින එනවා. පිච්චුණු ගෙදර අළුමතින් නැගිටිනවා – රෝහිත (VIDEO)

බේර වැවේ මඩ සෝදාගෙන පිච්චුණු ගෙදර අළුමතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ සමග යළි නැගී සිටිය යුතුව ඇති බව රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (01) පොදු ජන පෙරමුණේ මැයි දින රැලිය අමතමින්.

විවිධ දුශ්ෂර කාලයන් තම පක්ෂයට පැමිණිය ද නොසිතූ නොවීරූ විදිහට පොදුජන පෙරමුණ යළි නැගිටින බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අවසාන වශයෙන් එකක් කියනවා.බලන්න බයනැතුව අර පින් පාට.අර රෝස පාට මහින්ද මහත්තයගේ. 2015ත් පොඩ්ඩක් මූණ කළුවෙලා තිබුණා. 16 වෙනකොට පින්පාට ආවා. විසි දෙකේ දී පොඩ්ඩක් කළු වෙලා තිබුණා.දැන් ආපහු පරණ පින…ඔබයි අපේ නායකයා කියන එක අපි ගෞරවයෙන් මතක් කරනවා..

READ:   ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම බංගලිදේශය පරදා විශිෂ්ට ජයක් වාර්තා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්