Friday, April 24, 2026
Homeදේශීයපුත්තලම කුරුණෑගල මාර්ගයේ දී දුම්රියක එන්ජිමක් ගිනිගනී

පුත්තලම කුරුණෑගල මාර්ගයේ දී දුම්රියක එන්ජිමක් ගිනිගනී

හුණගල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ඇන්ජිමක් පුත්තලම කුරුණෑගල මාර්ගයේ පුත්තලම රෝහල ආසන්නයේ දී ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.

මෙලෙස ගිනෙන ඇත්තේ පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය දක්වා හුණුගල් රැගෙන යමින් තිබු දුම්රියක ඇන්ජිමකි.

හදිසියේ දුම්රිය එන්ජිම ගිනිගැනීමත් සමග දුම්රිය රියදුරු දුම්රිය ඇන්ජිම නවත්වා ගැනීමට සමත්ව තිබේ. එ හේතුවෙන් සිදුවීමට ගිය විශාල හානියක් අවමකරවා ගැනීමට හැකිව ඇත.

විනාඩි 30කට ආසන්න කාලයක් පුත්තලම කුරුණෑගල මාර්ගය වැසීයන ආකාරයට දුම්රිය නතර වී තිබීම නිසා ගමනාගමන කටයුතු වලට බාධා මතු වූ බවයි වාර්තා වන්නේ.

READ:   චමල් රාජපක්ෂ ආචාරධර්ම හා වරප්‍රසාද කාරක සභාවේ සභපති ලෙස පත්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්