Sunday, July 26, 2026
Homeදේශීයකොළඹ දී මැයි රැලි 08 ක්

කොළඹ දී මැයි රැලි 08 ක්

කොළඹ නගරය මූලික කරගෙන ප්‍රධාන මැයි රැලි 08 ක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

එ අනුව පොදුජන පෙරමුණේ මැයි රැලිය කැම්බල් පිටියෙදී, සමගි ජන බලවේගයේ රැලිය පිටකොටුව කෙසෙල්වත්ත ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී , ජාතික ජන බලවේගයේ මැයි රැලිය එෆ්. ආර්. සේනානායක මාවතේ, නගර සභා ක්‍රීඩාංගණයේ දී වශයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එමෙන්ම එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි රැලිය ග්‍රෑන්ඩ්පාස් ක්‍රීඩාංගණයේදී , උත්තර ලංකා සභාගයේ මැයි රැලිය කොළඹ හයිට් පිටියේ දී , නිදහස් වෙළඳ කලාප සේවක සංගමයේ මැයි රැලිය මාලිගාවත්ත ජී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී සහ ලංකා බැංකු රැලිය කොම්පඤ්ඤවීදිය ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගනයේදී ද පැවැත්වීමට නියමිතයි.

මෙම සියලු මැයි රැලින් සඳහා පොලිස් ආරක්ෂාව උපරිමයෙන් ලබා දෙන බව නිහල් තල්දූව මහතා ප්‍රකාශ කර ඇත.

READ:   රුපියල් මිලියන 44 ක, කේරළ ගංජා උතුරු මුහුදේ පාවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්