අමෙරිකාවේ ස්ථාපිත දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක් එක්ව ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන මැයි 18 වන දා ජාත්‍යන්තර ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ වෙනුවෙන් මේ වන විට ‘ ජනමත විචාරණය සඳහා වූ ජනතා ව්‍යාපාරය ‘ නමින් ක්‍රියාකාරී කමිටුවක් ද පිහිටුවා ඇති බව අන්තර්ජාතික දෙමළ ඊළාම් රජයේ ප්‍රධානි විශ්වනාදන් රුද්‍රකුමාරන් පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව ජාත්‍යන්තර ප්‍රජාව හමුවට ගෙන එන තවත් එක් වැඩසටහනක් වන මෙම ” ජනමත විචාරණය ” සඳහා අමෙරිකාවේ වෙසෙන සියලු දෙමළ ඩයස්පෝරා ජනතාවගේ සහය අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව විසඳිය හැක්කේ ජාත්‍යන්තර ජනමත විචාරණයකින් පමණක් බව එය ජාත්‍යන්තරය විසින් අධීක්ෂණය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
කුමුදුනි ගුණරත්නම් මෙම කමිටුවේ කැනඩාවේ නියෝජිතවරිය ලෙස කටයුතු කරයි.
මූලාශ්‍රය: මව්බිම


