Saturday, April 18, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා එක්දින සටන අද ඇරඹේ..

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා එක්දින සටන අද ඇරඹේ..

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (29) පැවැත්වෙනවා.

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අද (29) තරගය උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම චමරි අතපත්තු මෙහෙයවයි.

ඊට අමතරව ඉනෝකා රණවීර, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනි සහ ඕෂදී රණසිංහ ඇතුළු ක්‍රීඩිකාවන් 18 දෙනෙක් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිනවා.

නිගාර් සුල්තානා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම මෙහෙයවයි.

එම සංචිතයට ලතා මොන්ඩාල්, මුර්ෂිදා ඛාතුන්, රිතු මෝනි ඇතුළු ක්‍රීඩිකාවන් 16 දෙනෙක් ඇතුළත්.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර මේ දක්වා පවත්වා ඇත්තේ, එක්, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පමණයි.

එම තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා.

READ:   ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිගේ බිරිඳගේ සහය සජිත්ට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්