Tuesday, July 28, 2026
Homeදේශීයහෙට පැය 10 ක ජල කප්පාදුවක්

හෙට පැය 10 ක ජල කප්පාදුවක්

කොළොන්නාව පොම්පාගාරයේ අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) පෙ.ව 11.00 සිට රාත්‍රි 9.00 දක්වා පැය 10 කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව,
කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයේ, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරණායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල වීවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ජලසැපයුම් විසන්ධි කෙරෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

වැඩිදුර තොරතුරු -1939

READ:   ආරක්ෂක අමාත්‍යාංශයේ අවුරුදු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්