Thursday, June 11, 2026
Homeදේශීයවැස්ස අද තවත් වැඩි වෙයි

වැස්ස අද තවත් වැඩි වෙයි

අපරභාගයේදී ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.

නැගෙනහිර පළාතේ සහ මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   තෛයිපොන්ගල් දිනය අදයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්