Friday, April 17, 2026
Homeදේශීයනොමිලේ සහල් බෙදාදීමේ දෙවන අදියර ඇරඹේ

නොමිලේ සහල් බෙදාදීමේ දෙවන අදියර ඇරඹේ

අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහනේ දෙවන අදියර ඊයේ (28) යාපනයේ, වෙලනෙයි ප්‍රදේශයෙන් ආරම්භ වුණා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ දායකත්වයෙන් ආරම්භ වූ වැඩසටහන සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා එක් ව සිටියා.

2022 සහ 2023 මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ හා වී තොග බැහැර කිරීමේ වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

එහිදී අදහස් දැක් වූ සාගල රත්නායක මහතා

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත තමයි මේ සහල් කිලෝග්‍රෑම් 10ක් අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දීමේ වැඩසටහන ආරම්භ කළේ. මෙම වැඩසටහන එක පැත්තකින් දිළිඳු ජනතාවට සහනයක්. අනික් පැත්තෙන් වී වගා කරන ගොවියන්ට තම අස්වැන්නට සඳහා නියම මිලක් ලබා ගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම කුඩා වී මෝල් හිමියන්ටත් ‍මෙම වැඩපිළිවෙළ ශක්තියක් බව කිවයුතුයි. මෙම සහල් ලබාදීමේ කටයුත්තෙහි පළමු අදියර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ආරම්භ කිරීමට පියවර ගත්තා.

එහි දෙවන අදියර අද මේ ආකාරයට යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා. අද මේ වැඩසටහනේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි යුද හමුදාව ද තම රාජකාරී කටයුතු කරන අතරතුර කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළක ද නිරතව සිටිනවා. ඒ වැඩපිළිවෙළින් ලබා ගත් අස්වැන්නෙන් වැය වූ මුදල ගෙන, ඉතිරිය දිළිඳු ජනතා අතර බෙදාදීමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ අරමුණ වුනේ එහි පළමු වැඩසටහන යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමටයි.
එනිසා අද දින ඔබට මෙම සහල් ලබාදීමට පියවර ගැනීම සම්බන්ධයෙන් මම යුද හමුදාවටත්, ගුවන් සහ නාවික හමුදාවටත්, පොලිසියටත් ස්තුතිවන්ත වෙනවා.

යුද සමයෙන් පසු අපේ රටේ ඇති වූ දුෂ්කරකම කාලවකවානුව පැමිණියේ පසුගිය වසර කිහිපය තුළයි. එහි දී අප පළමුව කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. ඉන් පසුව ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. ඒ ආර්ථික අර්බුදයත් සමග ජන අරගලයකටත් මුහුණ දීමට සිදු වුණා.

ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් හිඟයක් ඇතිවුණා. විදුලිය කප්පාදු කිරීමටත් සිදු වුණා. එම අවස්ථාවේ උතුර, දකුණ කියා වෙනසක් නැතිව සියලු ජනතාව මෙම ප්‍රශ්නවලට මුහුණ දුන්නා.

READ:   ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි

ඒ අවස්ථාවේදී එම ප්‍රශ්නවලට මුහුණ දීමේ වගකීම ගෙන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගත්තා. ඒ වන විට රටේ රුපියල් මෙන්ම ඩොලර් තිබුණෙත් නැහැ. රටේ ආර්ථික ක්‍රියාවලිය කඩාවැටී තිබුණා. එම සියලු ප්‍රශ්න නිසා විදේශ විනිමය ආදායමත් අපට අහිමිවයි තිබුණේ.
සංචාරකයන් පැමිණියෙත් නැහැ. කර්මාන්ත කරගෙන යාමට විදුලිය තිබුණෙත් නැහැ.
ප්‍රවාහනය කඩාවැටුණා.

එදා රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්න විට රාජ්‍ය සේවක වැටුප් පවා ‍ගෙවාගත නොහැකි තත්ත්වයකයි රට තිබුණේ. තව දින දහයක් ගියා නම් රට සම්පූර්ණයෙන්ම නතර වෙනවා. අපි දූපත් රාජ්‍යයක්. අපට දේශසීමා පැන වෙනත් රටවලට යාමට හැකියාවක් නැහැ.කොහෙන් හෝ ආහාර ගෙන ඒමටත් හැකියාවක් නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ නායකත්වයට පත්ව දින කිහිපයක් යාමට පෙර
රටේ නීතිය හා සාමය ස්ථාපිත කළා. ඒ වගේම පැවති ප්‍රශ්න එකින් එක විසඳන්න පටන් ගත්තා. මූලික වශයෙන්ම ගෑස්, ආහාර, ඉන්ධන ලබා දෙන්නටත් කටයුතු කළා. ඒ සමගම රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය පියවර ගත්තා.

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට ආවේ රටේ තිබෙන ආර්ථික අර්බුදය නිසයි. ඒ ගිවිසුම ඇති කර ගැනීම පහසු කටයුත්තක් වුණේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නොහැකිව සිටින ආර්ථික අර්බුදයකට ලක් වූ රටවල් තවත් තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමට එළැඹීමට නම් පළමුව ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කරන්න අවශ්‍ය වුණා. ඒ විශ්වාසය ඇති කරගත් නිසා ජාත්‍යන්තරය දැන් අප සමඟ කටයුතු කරමින් සිටිනවා. විදේශිකයන් අපේ රටට පැමිණෙමින් සිටිනවා. රට ක්‍රමයෙන් ස්ථාවර වෙමින්පවතිනවා.

පිටුපසට අඩියක් නොතබා ඉදිරියට යෑමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. නිවැරදි ලෙස රට පාලනය කිරීමේ පසුබිම ජනාධිපතිතුමා දැන් සකස් කර තිබෙනවා.

ඒ වගේම උතුරු ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය හා සංචාරක කර්මාන්තය දියුණු කර ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීමේ වැඩපිළිවෙළක් දැන් සකස් කරමින් සිටිනවා.

සංහිඳියාව ගැන දීර්ඝ කාලයක් තිස්සේ කතා කළා. දැන් සංහිඳියාව ගැන කතා කළා ඇති. දැන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතු කාලය එළැඹ තිබෙනවා. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමේ ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට අවශ්‍යයි. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවගේ දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ ගොඩනඟනවා.

READ:   දූෂණය ගැන කතාකරන ජවිපෙ ක්‍රිකට් දූෂණයට එරෙහිව හිටියේ නෑ කණගාටුයි! - මෛත්‍රීපාල සිරිසේන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්