Saturday, October 3, 2026
Homeදේශීයකච්චතිව් දූපතේ අලුත්ම සිද්ධිය..

කච්චතිව් දූපතේ අලුත්ම සිද්ධිය..

කච්චතිව් දූපතේ තැන්පත් කර තිබූ කුඩා බුදු පිළිමය ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා දන්වා සිටියා.

කච්චතිව් දූපතේ තිබෙන මෙම පිළිමය ඉවත්කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසික් පසුගියදා විරෝධය පළ කර තිබුණා.

කෙසේවෙතත්, එම බුදු පිළිමය ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටින නාවුක භටයන් විසින් වන්දනා මාන කිරීම සඳහා තැන්පත් කර ඇති බවත් එය ස්ථිර ඉදිකිරීමක් නොවන බවත් නාවික හමුදාව පවසනවා.

READ:   රුවන්ඩාව අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්වන්නේ රටේ පිනට පහළ වෙච්ච එරට ජනාධිපති Paul Kagame නිසාය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්