Thursday, September 10, 2026
Homeදේශීයසාදයකට ගිය 15 හැවිරිදි දැරියකට මරු කැඳවූ ඛේදවාචකය..

සාදයකට ගිය 15 හැවිරිදි දැරියකට මරු කැඳවූ ඛේදවාචකය..

මාතර නූපේ රේල් ගේට්ටුවත් පඹුරන දුම්රිය ස්ථානයත් අතරදී මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දැරියක් මිය ගොස් තිබෙනවා.

ඊයේ (25) පස්වරුවේ සිදුවුණු මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක් වන බෙන්තොටගෙවත්ත, හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි සිසුවියකි.

ඇය හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයයේ 11 වන වසර ඉගෙනුම ලබන සිසුවියක් බව පොලීසිය පැවසුවා.

සිසුවිය තවත් මිතුරියන් තිදෙනකු සමග සාදයකට ගොස් පා ගමනින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර අවබෝධතා ගිවිසුමක කාලය දීර්ඝ කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්