Tuesday, September 8, 2026
Homeදේශීයඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීමෙන් රෝගියෙකු මියගිය බවට ජාතික රෝහලට චෝදනා

ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීමෙන් රෝගියෙකු මියගිය බවට ජාතික රෝහලට චෝදනා

ශල්‍යකර්මයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීමෙන් එම රෝගියා මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි අවිවාහක කාන්තාවක්.

ඇය පියයුරු ආශ්‍රිත රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සහ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අදහස් දක්වා සිටියා.

අදාළ මරණය ශල්‍යකර්මය හේතුවෙන් මියයාමක් ලෙස වාර්තා නොවන බවත් මෙහි සත්‍ය තත්ත්වය වහා හෙළි කළ යුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

READ:   හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සිරදඬුවම් නියම කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්