Wednesday, April 22, 2026
Homeදේශීයවිහාරගෙය කඩා පිළිම උස්සන්න ගිය සැට් එක පොලිස් දැලේ

විහාරගෙය කඩා පිළිම උස්සන්න ගිය සැට් එක පොලිස් දැලේ

විහාරස්ථානයක් බිඳ මුදල් හා දේපල කොල්ලකෑ සැකකරුවන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් මාර්තු 28 වනදා මොවුන් හම්බන්තොට ඉඳිවැව ප්‍රද්ශයේ විහාරස්ථානයක ආවස ගෙයක් බිඳ රුපියල් ලක්ෂ 20ක මුදලක් සහ රන් ආලේපිත බුදු පිළිමයක් සොරාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් සිදුකළ විමර්ශනයක දී ඊයේ (20) එම සැකකරුවන් සූරියවැව සහ මත්තල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී අඟල් හතරක් පමණ උස රන් ආලේපිත බුදු පිළිමයක් ද හමුවූ බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් සූරියවැව හා මත්තල ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 සහ 41 අතර වයස්වල පසුවන පුද්ගලයන් වේ.

READ:   කාමරයෙන් පිටතට නොයන ලෙස ගෝඨාභයට තායිලන්ත ආරක්ෂක අංශය දැනුම්දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්